සිය බිරිඳට සිය දිවි හානි කර ගැනීම සඳහා පෙළඹවමින් ඇගේ රක්ෂණ වන්දිය ලබාගැනීමට කටයුතු කළ සැමියෙකුට ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වසර 10 සිර දඬුවම් නියම කර තිබේ.
ජෙනිෆර් මෝරාන්ට් නම් වූ තම බිරිඳට මෙසේ ජීවිතය හානිකර ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත්තේ 68 හැවිරිදි ග්රැහැම් මෝරාන්ට්ය. ඒ 2014 වසරේදීය. කෙසේ වෙතත්, මෙම නඩු විභාගයෙන් ස්වාමියා වැරදිකරු විය.
එමෙන්ම, නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා පවසා තිබුණේ, බිරිඳගේ රක්ෂණ වන්දිය ලබාගැනීමට මොහු මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.
ඒ අනුව, බිරිඳගේ මරණය හේතුවෙන් ග්රැහැම් මෝරාන්ට්ට හිමිව ඇති ප්රතිලාභ මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.4 කි. එමෙන්ම, කිතුනුවෙකු වූ මෝරාන්ට් රක්ෂණ ප්රතිලාභ මුදල ආගමික සේවය සඳහා යොදවන බවද ඔහුගේ බිරිඳට පවසා තිබුණු බව නීතිඥයෝ පෙන්වා දුන්හ.
ඒ අනුව, ඔස්ට්‍රේලියාව තුළ යමෙකුට සියදිවි හානිකර ගැනීමට උපදෙස් ලබාදී අධිකරණයක් හමුවේ වරදකරු වූ ප්‍රථම අවස්ථාව මෙය බව විනිසුරුවරයා පවසා සිටි අතර, එම තීන්දුව ලෝකයට පූර්වාදර්ශයක් වනු ඇතැයි විශ්වාස කරන බවද කීය. එමෙන්ම, මෙසේ තමන් කළ වරද පිළිබඳව මෝරාන්ට් පසුතැවීමක් පෙන්නුම් කර නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අවධාරණය කළේය.