කොවිඩ්-19 සමග සටන් කිරීමට බ්‍රිතාන්‍යයේ මුල් සැලැස්ම ව්‍යසනයක් සහ භයානක තීරණවලින් පිරී ගිය බවත්, ඒ නිසාම රජයට වළක්වා ගත හැකිවූ අගුලු දැමීම් වෙත යාමට සිදුවූ බවත් අගමැති බොරිස් ජොන්සන්ගේ හිටපු ජ්‍යෙෂ්ඨතම උපදේශක චෝදනා කරයි.
පසුගිය වසරේ අගභාගයේදී ජොන්සන්ගේ කාර්ය මණ්ඩලයෙන් ඉවත්ව ගිය ඩොමිනික් කමිංස්, ට්විටර් පණිවුඩ කිහිපයකින් පවසන්නේ, වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සාක්ෂි ලබාදීමට දිනක් තිබියදීය.
කමිංස් හදිසියේ ඉවත්ව යාමට පෙර බ්‍රෙක්සිට් පිළිබඳ ජොන්සන්ගේ වඩාත්ම බලගතු උපදේශකයා ඔහු වූ අතර, සාර්ථක 2019 මැතිවරණ ව්‍යාපාරයේ ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. එනම් යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රිතාන්‍ය ව්‍යාපාරයේ නිර්මාණ ශිල්පියා ඔහුය.
වසංගතය අතරතුර අගුලු දැමීම් තුනක් පැනවූ ජොන්සන් බ්‍රිතාන්‍යයේ එන්නත් කිරීමේ වැඩසටහන සාර්ථක යැයි ප්‍රශංසා කළ නමුත් එක්සත් රාජධානිය ලොව ඉහළම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති රාජ්‍යයක් වන අතර, වසංගතය එරට ආර්ථකය තුළද ගැඹුරු පසුබෑමක් ඇති කළේය.
"අපට නිවැරදි සූදානමක් වගේම, දක්ෂ පුද්ගලයන් වෙත මේ කටයුතු භාරදී තිබුණා නම්, පළමු වැනි ලොක්ඩවුන් එක පවා වළක්වා ගැනීමට තිබුණා. අනිවාර්යයෙන්ම ලොක්ඩවුන් 2ක් සහ 3ක් අවශ්‍ය වන්නේම නැහැ." යැයි කමිංස් සිය ට්විටර් පණිවුඩවල ලිවීය.
"වැරදි සැලැසුම්, භයානක තීරණ, සියල්ල ප්‍රමාදවීම ආදී සෑම දෙයක්ම නිසා ලොක්ඩවුන් 1 අවශ්‍ය වුණා." නවතම විද්‍යාත්මක කරුණුමත පදනම්ව කටයුතු කළේ නම් ජීවිත බේරාගෙන, රටේ ආර්ථිකයත් බේරාගෙන කටයුතු කළ හැකිව තිබූ බව කමිංස් වැඩිදුරටත් පවසා සිටියේය.