පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයන්ට සම්බන්ධ වූයේ පැවසෙන බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය හැදෑරූ ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තයාගේ නම බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් මේ වනවිට තහවුරු කර තිබේ.
අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් ලෙස හඳුනාගෙන ඇති ඔහු 2006 - 2007 යන කාලයේදී ලන්ඩනයේ කිංග්ස්ටන් සරසවියේ ගුවන්යානා ඉංජිනේරු පාඨමාලාවක් හදරා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම කාලසීමාවේදී මොහු ISIS සමග සබඳතා ගොඩනැගීමක් සිදුවන්නට හෝ කිසියම් ආකාරයක මූලධර්මවාදී ක්‍රියාවකට සම්බන්ධ වූයේද යන යන සැකය නිසා එරට බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්ද අරඹා ඇති බව සඳහන් වෙයි.
ඉන් අනතුරුව ඔහු තවදුරටත් උසස් අධ්‍යාපනය ලැබීමට ඔස්ට්‍රේලියාවට ගොස් ඇති ඔහු එහිදී පශ්චාත් උපාධියක් ලබාගෙන ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.