බ්‍රෙක්සිට් යෝජනාවලිය පරාජයට පත්වීම හරහා බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ රජයට එල්ල වූ විශ්වාසභංගයෙන් ඇය ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව, 325ට 306ක් ලෙස ඇයට පක්ෂව ඡන්දය ලැබුණු අතර, ඩී.යූ.පී. පක්ෂය ඇතුළු පක්ෂ තවදුරටත් නොම්මර 10 නිවසේ රැඳී සිටීමට තේරේසා වෙත අවස්ථාව ලබාදී තිබුණි.
කෙසේ වෙතත්, මෙම ඡන්ද විමසීමට පැය 24කට පෙර මෙම කණ්ඩායම් පවා ඇගේ බ්‍රෙක්සිට් යෝජනාවලිය පරාජයට පත්කිරීමට ඡන්දය ප්‍රකාශ කිරීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, මින් අනතුරු අදහස් දැක්වූ තේරේසා පවසා සිටියේ ලේබර් පක්ෂ නායකයා තවමත් මෙම ක්රියාදාමයේ කොටස්කරුවෙකු නොවීම ගැන තමන් කණස්සල්ලට පත්වන බවයි. නමුත්, මේ සඳහා තවමත් දොරටු විවෘතව පවතින බවද ඇය කියා සිටියාය.