බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සඳහා වූ සැලසුමක් අගමැති තේරේසා මේ විසින් ඊයේ (14දා) යුරෝපා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළාය.
මෙසේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට මුල්ම යෝජනාව 2017 වසරේදී කරළියට පැමිණියත් වසරක් ගතවීමෙන් පසුව එහි අවසන් සැලැස්මක් මෙසේ බ්‍රිතාන්‍ය පාර්ලේම්න්තුවට ඉදිරිපත් විය.
මේ සම්බන්ධයෙන් පැවති විවිධ මත හේතුවෙන් වසරක කාලයක් විවිධ සාකච්ඡා පැවති අතර, ඒ සියලු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසද මෙම සැලසුම හඳුනා ගැනෙයි.
මෙම යෝජනාව ඉදිරිපත් කරමින් තේරේසා මේ පවසා සිටියේ බෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක වීමත් සමග බ්‍රිතාන්‍යයට සාර්ථක ඉදිරි ගමනක් යා හැකි බවයි.
නමුත්, මෙම සැලසුම සම්බන්ධයෙන් අගමැතිතී තේරේසා මේ නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂයේ නියෝජිතයන් පිරිසක්ද විරෝධය පළ කිරීම උභතෝකෝටිකයක් මතුකර තිබේ.
ඒ අනුව, මේ සඳහා විරුද්ධ පක්ෂ කෙසේ වෙතත් තම පක්ෂයේම මතය එක පිලකට ලබාගැනීමේ අභියෝගයට තේරේසා මේ දැන් මුහුණ දී සිටියි.