බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වන බ්‍රෙක්සිට් ක්‍රියාවලිය එලැඹෙන ඔක්තෝබර් 31දා දක්වා නම්‍යශීලී කල් දැමීමක් සිදුකළ බව යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ට්රස්ක් ප්‍රකාශ කරයි.
බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවරදී පැය 5ක් පමණ කාලයක් පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුව සභාපතිවරයා මෙම නිවේදනය සිදුකර තිබේ.
"මෙය බ්‍රිතාන්‍ය මිතුරන් වෙනුවෙන් ලබාදෙන පණිවුඩයක්... කරුණාකර, මේ කාලය අපතේ නොයවන්න" යැයි සභාපතිවරයා අයැද සිටියි.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පවසා සිටියේ මහා බ්‍රිතාන්‍ය ඉතා ඉක්මණින්ම යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.
අගමැතිනියගේ බ්‍රෙක්සිට් යෝජනාවලි කිහිපයක්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමත් සමග දැඩි අර්බුදයක සිටි අගමැතිනී තේරේසා මේ, එකඟතා ගිවිසුමක් නොමැතිවම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වන තැනට තල්ලු වනු ඇති බවද සඳහන් කළාය.
ඒ අනුව, මෙවර ලබාදී ඇති අවස්ථාව බ්‍රිතාන්‍යයන් අතේ පවතින බව පවසන යුරෝපා සංගමය, ඉවත්වීමේ එකඟතා ගිවිසුම සකස් කරගැනීමට අවශ්‍ය තරම් කාලය පවතින බවද සඳහන් කර තිබේ.