ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණ උණුසුම තවදුරටත් උත්සන්න කරමින් මෙතෙක් ජෝර්ජියා ප්රාන්තයේ ඉදිරියෙන් සිටි ඩොනල්ඩ් ට්රම්ප් අභිභවමින්, ජෝ බයිඩන් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව ඡන්ද සමූහ (electoral college) 16ක් හිමි ජෝර්ජියා ප්රාන්තයේදී මේ වනවිට ජෝ බයිඩන් ඡන්ද 917කින් ඉදිරියට පැමිණ ඇති අතර, මේ සමග බයිඩන් ක්රමයෙන් ඇමෙරිකානු ජනාධිපති ධුරයට ළඟවෙමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට 98%ක් ඡන්ද ගණන් කර ඇති ජෝර්ජියා ප්රාන්තයේ ජෝ බයිඩන් ඡන්ද 2,449,371ක් ලබාගෙන ඇති අතර, ඩොනල්ඩ් ට්රම්ප් ඡන්ද 2,448,454ක් ලබාගෙන සිටියි.