ඇමෙරිකානු බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමේ 737 මැක්ස් යානාවලට මාරක අනතුරු සිදුකළ එහි මෘදුකාංග දෝෂය යථා තත්ත්වයට සැකසූ බව එම සමාගම පවසයි.
ඒ අනුව, අදාළ 737 මැක්ස් යානා 207ක මෘදුකාංගය යාවත්කාලීන කරමින් ඒවා පියාසර කර පරීක්ෂා කිරීම්ද අවසන් කර තිබේ.
එමෙන්ම, යම් යම් අවස්ථාවලදී ගුවන් යානයේ පාලක සංඥා නිකුත් වූ විට නියමුවන් ක්රියාකළ යුතු ආකාරය දැක්වෙන දත්ත ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් පාලනාධිකාරියට ලබාදීමටද එම සමාගම සූදානම් වෙයි.
මෙම මැක්ස් යානයක් පසුගිය මාර්තු මාසයේදී පුද්ගලයන් 157 දෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු අතර, එය ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් යානයකි.
මීට පෙර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ලයන් එයාර් සමාගමට අයත් මැක්ස් ගුවන් යානයක් ඉන්දුනීසියාවේදී කඩා වැටී පුද්ගලයින් 189 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.