බටහිර පැපුවා හි ඉන්දුනීසියානු කලාපයේ ඇතිවී තිබෙන ප්රචණ්ඩ රැල්ල සමග ජ්‍යෙෂ්ඨ පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 100 ගණනක් නගරයේ ගොඩනැගිලි රැසක් ගිනිබත් කර තිබේ.
මෙම ප්‍රචණ්ඩක්‍රියා නිසා කලාපයේ අගනුවර වන වමේනා හි අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් සමහරක් දැවෙන ගොඩනැගිලිවල සිරවී සිටි පුද්ගලයන් බව කියයි.
විරෝධතා ඇවිලීම කෙරෙහි ගුරුවරයෙකුගේ ජාතිවාදී අදහස් දැක්වීමක් හේතු වී තිබුණත්, පොලීසිය පවසා තිබුණේ එය ප්‍රෝඩාවක් බවය.
මේ ආකාරයෙන්ම පසුගිය අගෝස්තු මාසයේදීද සති කිහිපයක් මෙම කලාපයේ නොසන්සුන්කාරී වාතාවරණයක් පැවතිණි.
කෙසේ වෙතත්, මෙම කෝලාහලයන්ට සම්බන්ධ හා ඉන් පීඩාවට පත් පිරිස් සොයා ඊයේ (24දා) සෝදිසි මෙහෙයුම් දියත් වූ අතර, මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බව අපේක්ෂා කරයි.
මේ අතර, පළාත් අගනුවර ජයපුර හි වෙනම සිදුවීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අනුව, වාර්තා වන මියගිය සංඛ්‍යාව 27 කි.
ජයපුරයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ සිසුන් පිරිසක් සොල්දාදුවෙකුට සහ පොලිස් නිලධාරීන්ට මැච් සහ පාෂාණවලින් පහර දුන් බව වාර්තා වීමත් සමඟ ය.