කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේ නවතම උත්සාහයක් ලෙස බීජිං වෙත පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායනයකට ලක් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව නිවාඩු කාලය ගෙවා දැමීමෙන් පසුව යළි බීජිං වෙත පැමිණි පසු නිවැසියන්ට "ස්වයං නිරෝධායනය හෝ නිරෝධායනය සඳහා නම් කරන ලද ස්ථානවලට යන්න" යනුවෙන් පවසා ඇත.
අප්‍රිකාවේ ඊජිප්තුව ආශ්‍රිතව නව කොරෝනා වෛරස් රෝගියෙකු හමුවීමත් සමග මෙම පියවර ගැනීමට චීනය කටයුතු කර ඇත.
චීනයේ හුබෙයි පළාතේ, වුහාන් නගරයෙන් ඇරඹි මෙම වෛරසය පැතිර යාම හේතුවෙන් මේ වනවිට 1,500කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
චීනය නව චන්ද්‍ර වර්ෂය නිමිත්තෙන් පැවති නිවාඩු සමය මෙම වෛරසය පැතිරයාමත් සමග දීර්ඝ කිරීමට සිදුවූ අතර, නිවාඩුව මේ වනවිට අවසන් වෙමින් පවතින නිසා නෑගම් ගිය පිරිස් යළි බීජිං වෙත පැමිණෙමින් සිටියි.
බීජිං නුවර මිලියන 20කට වැඩි ජනගහනයක් ජීවත් වන අතර, චීන ජාතික සෞඛ්‍ය කොමිසමකට අනුව සෙනසුරාදා දින වෛරසය හේතුවෙන් මරණ 143ක් වාර්තා වෙමින්, මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 1,523ක් බව කියයි.
එමෙන්ම තවත් පුද්ගලයින් 2,641 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අලුතින් තහවුරු වී ඇති අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 66,492 කි.