මීට දෙසතියකට පෙර පැසිෆික් සාගරයට කඩා වැටුණු ජපානය සතු F-35 ප්රහාරක යානය සෙවීමේ මෙහෙයුම් අවසන් කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු ආරක්ෂක අංශවලද සහාය ඇතිව යානය සෙවීමේ කටයුතු සිදුවන අතර, අඩි 1,500කට වඩා ගැඹුරු මුහුදේද සෝදිසි මෙහෙයුම් සිදුව තිබේ.
ඇමෙරිකාවේ නිෂ්පාදිත F-35 ප්රහාරක යානා ස්ටීල්ත් තාක්ෂණයෙන් යුතු ලොව ප්රබලතම ප්රහාරක යානයක් ලෙස සැලකෙන අතර, පුහුණු සැසියක් අවසානයේදී ක්ෂණිව යානය රේඩාර් තිරයෙන් අතුරුදන්ව තිබුණි.
මේ වනවිට යානය මෙන්ම යානයේ නියමුවා පිළිබඳ තොරතුරක් නොමැති බව ජපාන ආරක්ෂක අංශ පවසයි. මේ සමගම ජපානය සතු F-35 යානා 12ක් ගොඩබැස්වීමට ඔවුන් කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්. එරට ගුවන් හමුදාව ශක්තිමත් කිරීම සඳහා මෙවැනි යානා තවත් විශාල ප්රමාණයක් ඇමෙරිකාවෙන් ඇණවුම් කර ඇති බවද වාර්තා වෙයි. මෙම ඇණවුම්වල අත්හිටුවීමක් නොමැති බව ඇමෙරිකාව කියයි.