ශ්රී ලංකාවේ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්රහාරයන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ FBI රහස් ඔත්තු සේවයේ සහාය ශ්රී ලංකාවේ බලධාරීන් වෙත ලබාදෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
එම රහස් ඔත්තු සේවයේ ප්රකාශකයෙකු මෙය තහවුරු කර ඇති අතර, පසුගියදා සිදුවූ ම්ලේච්ඡ බෝම්බ ප්රහාර හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 290කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, තවත් සිය ගණනක් මෙම ප්රහාරයෙන් තුවාල ලබා ඇති අතර, ඔවුන් අතර රටවල් කිහිපයකට අයත් විදේශිකයෝ රැසක්ද සිටිති.