දකුණු අප්රිකාවේ පාස්කු දේව මෙහෙයට පැමිණි බැතිමතුන් පිරිසක් මතට දේවස්ථානයේ බිත්තියක් කඩා වැටීමෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට පෙන්තකොස්ත පල්ලියක මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධිය වූ ස්ථානයේ සිට පුද්ගලයන් 29 දෙනෙකු රෝහල්ගත කළ බව හදිසි සේවා පවසයි.
පසුගියදා රාත්රියේ පැවති අධික වැසි තත්ත්වය මෙම හදිසි අනතුරට හේතු වන්නට ඇති බව බලධාරීන් විශ්වාස කරති.
මියගිය අයගෙන් වැඩි දෙනා පල්ලිය තුළ නිදාගෙන සිටි අය බවත්, මියගිය අය අතර වයස අවුරුදු 11ක පමණ දැරියකද වන බව කියැවෙයි.
පාස්කු උත්සවය සැමරීම සඳහා සූදානමින් මෙම පිරිස පල්ලිය වෙත පැමිණ තිබුණු බව සඳහන් වෙයි.