වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් යානයක ගින්නක් හට ගැනීම නිසා එම යානය බොස්ටන් වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.
නිව්යෝක් සිට ලන්ඩනය බලා ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානය තුළ මෙසේ ගින්නක් හටගෙන ඇති අතර, පසුව මගීන් යානය යළි හරවන ලෙස බලකර ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ගින්නෙන් කිසිදු ප්‍රබල හානියක් හෝ ජීවිත තර්ජනයක් පිළිබඳ වාර්තා නොවන අතර, එම අවස්ථාවේදී යානයේ මගීන් 217 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව කියැවෙයි.
පොලීසිය විශ්වාස කරන්නේ ජංගම දුරකථන ආරෝපණය කරන පවර් බෑන්ක් එකක් මෙම ගින්නට හේතුව බවයි.
යානය බොස්ටන් හි ලොගාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබෑමෙන් පසුව මගීන් නිරුපද්‍රිතව පිටතට ගෙන ඇති අතර, පසුව බෝම්බ නිශ්ක්‍රීය අංශ පැමිණ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවා තිබේ.