ඊශ්රායල පොලීසිය සමග ඇති වූ ගැටුම්වලින් පලස්තීනුවන් සිය ගණනක් තුවාල ලැබූ ශුද්ධ වූ නගරය තුළ ප්රචණ්ඩකාරී දිනයක් සනිටුහන් කරමින් ඊයේ (10දා) සවස ගාසා තීරයට ආසන්නව නගරය සහ අනෙකුත් ප්රදේශ හරහා රොකට් සයිරන් නාද වීමෙන් ජෙරුසලමේ ආතතීන් උපරිම මට්ටමට පැමිණ තිබේ.
ගාසා තීරයේ සටන්කාමී කණ්ඩායම් සවස 6.00ට පමණ ජෙරුසලමට රොකට් හයක් දියත් කළ බව ඊශ්රායල ආරක්ෂක හමුදා පවසයි.
එක් රොකට්ටුවකින් ජෙරුසලමේ බටහිර මායිමේ පිහිටි නිවසකට හානියක් සිදුවී ඇති අතර, දෙවැන්න අයන් ඩෝම් ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් වළක්වා ඇති බවත්, තවත් රොකට් ප්රහාර හතරක් විවෘත භූමියකට ගොඩ බැස ඇති බව ඊශ්රායල් ආරක්ෂක හමුදා සඳහන් කරයි.
කෙසේ වෙතත් ඊයේ රාත්රිය පහව යත්ම ගාසා තීරයේ ගුවන් ප්රහාර මාලාවක් එල්ල කරමින් ඊශ්රායලයද මීට ප්රතිප්රහාර එල්ල කිරීමක් සිදුකර තිබේ.