පිලිපීනයේ හිටපු ජනාධිපති බෙනිග්නෝ ඇක්විනෝ දියවැඩියාව නිසා වකුගඩු අකර්මණ්‍ය වීමක් හේතුවෙන් මැනිලා රෝහලකදී අද (24දා) අවසන් ගමන් ගිය බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි.
ඇක්විනෝ 2010 සිට 2016 දක්වා බලයේ සිටියේය. පිලිපීනයේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ප්රජාතන්ත්රවාදී පුද්ගලයන් දෙදෙනෙකුගේ එකම පුත්‍රයාද ඔහු විය.
"අපගේ පවුලේ අය වෙනුවෙන් දැඩි ශෝකයෙන් යුතුව ප්‍රකාශ කරන්නේ, අපගේ සහෝදර බෙනිග්නෝ (නොයිනෝයි) ඇක්විනෝ III ඔහුගේ නින්දේදීම සාමකාමීව මිය ගිය බව මා සනාථ කරනවා" යනුවෙන් දැනට ජීවතුන් අතර සිටින ඔහුගේ සහෝදරියන් සිව් දෙනාගෙන් අයෙකු වන පිංකී ඇක්විනෝ අබෙලාඩා විසින් කියවන ලද ප්‍රකාශයකින් පැවසිණි.
දියවැඩියාව නිසා වකුගඩු අකර්මණ්‍ය වීමක් හේතුවෙන් ඔහුගේ මරණය සිදුවූ බවට මරණ සහතිකය උදේ 6.30 ට ප්‍රකාශයට පත්ව තිබූ අතර, පිලිපීන ජනාධිපති මන්දිරය ඇක්විනෝගේ පවුලට ශෝකය ප්‍රකාශ කළේය.