පිලිපීනය වෙත ප්රබල සුළි කුණාටුවක් ඇදී එන බැවින් එරට උතුරුදිග වෙරළ තීරයේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීම ආරම්භ කර තිබේ.
මැන්ග්ක්හුට් සුළි කුණාටුව මේ වනවිට සිව්වැනි අදියරේ කුණාටුවක් ලෙස වර්ධනය වී පවතින බවත්, එය එලැඹෙන සෙනසුරාදා පිලිපීනයේ ප්රධාන දූපත වන ලියුසෝන් හරහා ගොඩබිම වෙත ඇතුළු වෙනු ඇති බවත් කාලගුණ අංශ පවසයි.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් පාසල් සහ කාර්යාල වසා දමා ඇති අතර, ගොවීන් තම වගාබිම් ආරක්ෂා කරගැනීම සඳහා දැඩි පරිශ්රමයක් දරමින් සිටියි.
ඒ අනුව, දකුණුදිග චීනය දක්වා වූ වෙරළබඩ ජීවත්වන ජනතාව මිලියන 10ක් පමණ මේ වනවිට සුළි කුණාටුවේ සුළු හෝ බලපෑමකට ලක්විය හැකි බව කියැවෙයි.
පිලිපීනය වසරකට සුළි කුණාටු හෝ චණ්ඩ මාරුත 20කට පමණ මුහුණ දෙන අතර, කාලගුණ අංශ පෙන්වා දෙන්නේ මැන්ග්හුට් සුළි කුණාටුව 2018 වසරේ පිලිපීනයට බලපාන ප්රබලතම සුළි කුණාටුව විය හැකි බවයි.
මෙහි දැනටමත් පැයට කිලෝමීටර් 209 ඉක්මවන දැඩි සුළං දහරාවක් ඇදී එන අතර, එය ආරම්භයේදී පස්වැනි අදියරේ අති ප්රබල චණ්ඩ මාරුතයක් ලෙස පැවතිණි.