පිලිපීනයේ ලූසොන් දූපතේ ඇති වූ ප්රබල භූ කම්පනයකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පිලිපීන වේලාවෙන් අද පස්වරු 5.11ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර, එය රික්ටර් පරිමාණ 6.1ක භූ කම්පනයක් ලෙස සටහන් වී ඇත.
මෙම ස්වභාවික විපතින් ගුවන් තොටුපොළට දැඩි හානි සිදුව ඇති අතර, ගොඩනැගිල් ද්විත්වයක් සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.
පොර්කා නගරයේ මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති අතර, එහි තවත් පිරිසක් සිරවී සිටින බවද බලධාරීහු විශ්වාස කරති.
මේ වනවිට විදුලිබලය ඇණහිට ඇති නිසා මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති අතර, ආරක්ෂක අංශ කැඳවා ඇති බවද විදෙස් වාර්තා පවසයි.