පිලිපීනයේ සේවයෙන් නෙරපා හරින ලද ආරක්ෂක නිලධාරියෙක් මැනිලා සාප්පු සංකීර්ණයකදී එක් පුද්ගලයෙකුට වෙඩි තබා තවත් 30 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි.
හිටපු ආරක්ෂකයා එම සාප්පු සංකීර්ණයෙන් පිටතට ගිය පසු පොලීසිය ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි.
පිලිපීන අගනුවර සාප්පු සංකීර්ණය වටකර පොලීසියේ විශාල පිරිසක් රැකවල් යොදා පැය කිහිපයක් මෙම මෙහෙයුමේ නිරත වූ අතර, තමා සතුව අත්බෝම්බයක් පවතින බව පවසමින් ඔහු එහි සිටි පුද්ගලයන් 30දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි.
මෙසේ සාප්පු සංකීර්ණයට ඇතුළු වන අවස්ථාවේදී ඔහු එක් ආරක්ෂකයෙකුට වෙඩි තබා තිබුණත්, ඔහුගේ තත්ත්වය ස්ථාවර බව සැන් ජුවාන් නගරයේ නගරාධිපති ෆ්‍රැන්සිස් සමෝරා පැවසීය.
ආචී පැරේ ලෙස හඳුනාගෙන ඇති මෙම ආරක්ෂක නිලධාරියා රැකියාව අහිමිවීම නිසා ප්රකෝපකාරී වී ඇති බවද නගරාධිපතිවරයා කීවේය.
සැකකරු සිය ජංගම දුරකථනය භාවිත කර ආරක්ෂකයන්ට සහ මාධ්‍යයට පණිවුඩයක් ලබාදී ඇති අතර, ඔහුගේ වැඩ කරන වේලාවේ වෙනසක් පිළිබඳව කෝපය ප්‍රකාශ කරමින් ඔහු තම ඉහළ නිලධාරීන්ට දූෂණ චෝදනා එල්ල කිරීමටද කටයුතු කර තිබුණි.