ඇමෙරිකාවේ හිටපු ජනපති ඔබාබා, හිටපු උප ජනපති ජෝ බයිඩන්, හිටපු ආරක්ෂක ලේකම් හිලරි, ධන කුවේරයෙකු වූ ජෝර්ජ් සෝරෝස් සහ රංගන ශිල්පී රොබට් ඩි නීරෝ ආදීන්ගේ නිවෙස් වෙත පුපුරණ ද්‍රව්‍ය රැගත් සැකකටයුතු බෝම්බ පාර්සල් යැවූ පුද්ගලයන් සොයා එෆ්.බී.අයි. ආයතනය දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබේ.
ඇමෙරිකානු රහස් ඔත්තු සේවය පවසන පරිදි මේ ආකාරයෙන් සුවිශේෂී පුද්ගලයන් 8 දෙනෙකු වෙත මෙවැනි පුපුරණ ද්‍රව්‍ය රැගත් පාර්සල් තැපැල් මගින් පැමිණ ඇත.
මෙසේ ලැබුණු එක් පාර්සලයක් ෆ්ලොරීඩා සිට පැමිණ ඇති බවට තහවුරු නොකළ මාධ්‍ය වාර්තාවක් පැවතියත්, මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. ආයතනය මුණිවත රකියි.
ඒ අනුව, ඇමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවේ ඕපා-ලෝකා පරිශ්‍රය බෝම්බ නිශ්ක්‍රීය අංශ සහ පොලිස් නිල සුනඛයන් යොදා පරීක්ෂාව ටලක්කර තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා ටයිම් වෝනර් මධ්‍යස්ථානයේ සැකකටයුතු බෝම්බ පාර්සලයක් පවතින බවට වූ කටකතාවක් සමග එහි සියලු දෙනා කඩිනමින් ඉවත් කිරීම සිදුවිය.
නමුත්, පසුව එය ව්‍යාජ තොරතුරක් බව අනාවරණය වූ අතර, මෙම මධ්‍යස්ථානය සී.එන්.එන්. පුවත් සේවය පවත්වාගෙන යන ස්ථානයයි.