ප්‍රංශයේ මධ්‍යම පැරිස් නගරයේ පසුගියදා ඇති වූ දැවැන්ත පිපිරීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව හතර දක්වා වැඩි වී තිබේ.
මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත පිරිස් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සුන්බුන් අතර තිබී කාන්තා මළ සිරුරුක් හමුවීමත් සමග මියගිය පිරිස වැඩිවී ඇත.
මීට පෙර මෙම පිපිරීම හේතුවෙන් ගිනි නිවන හමුදාවේ සාමාජිකයන් දෙදෙනෙක් සහ ස්පාඤ්ඤ සංචාරකයෙකු මිය ගිය බව පැරිස් පොලීසිය තහවුරු කර තිබුණි.
සංචාරකයන් බහුල වශයෙන් ගැවසෙන මෙම ප්‍රදේශයේ බේකරියක ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ.
මියගිය කාන්තාව සොයාගැනීමේ මෙහෙයුම් සඳහා ගිනි නිවන හමුදාවේ භටයන් 30කගෙන් සමන්විත කණ්ඩායමක් කටයුතු කර ඇති අතර, ඇය හඳුනා ගැනීම සඳහා මේ වනවිට කටයුතු සිදුවන බවද සඳහන් වෙයි.