පැරිස් නගර මධ්‍යයේ ඊයේ (12දා) පෙරවරුවේ ඇති වූ දැවැන්ත පිපිරීම ගෑස් කාන්දුවක් නිසා ඇති වූවක් බව එරට පොලීසිය පවසයි.
එම නගරයේ බේකරියක් අසළ සිදුවී ඇති මෙම පිපිරීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පැරීසියේ වේලාවෙන් අද පෙරවරු 9.00 ට පමණ, මහා ගිගුම් හඬක් සමග මෙම පිපිරීම සිදුව ඇති අතර, බොහෝ දෙනෙකු එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකා කලබලයට පත්ව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම පිපිරීම් ශබ්දයෙන් සුළු වේලාවකට පසු ගින්නක් හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදාව මැදිහත්ව ගින්න මැඬපවත්වා තිබේ.
පැරිස් නගරයේ සිදුවූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාර සමග එරට තුළ ආරක්ෂාව තර කර ඇති අතර, 2017 වසරේ සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 130ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.