ඇමෙරිකාවේ, උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ, සියෙරා ෆටුහිල්ස් ප්‍රදේශයේ ඇති වූ ලැව්ගිනි තත්ත්වයක් නගර කිහිපයක් වෙත ඇදී යමින් පවතින බව කියයි.
දැඩි සුළං සහ වියළි වනාන්තර තත්ත්වය හේතුවෙන් පසුගියදා ඇති වූ මෙම ලැව්ගිනි තත්ත්වය වඩාත් ප්රබලව පැතිරෙන බවද සඳහන් වෙයි.
නිවාස, පාසල් සහ රෝහල් රැසක ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර, තවත් පිරිසක් පැරඩයිස් නගර ආශ්‍රිතව ගින්නට කොටුවී සිටි බවද විදෙස් වාර්තා පවසයි.
මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගින්නට හසුවූවන් පිළිබඳ වාර්තා වන බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නමුත්, මේ වාර්තා තහවුරු නොකළ වාර්තා බවද සඳහන් වෙයි.
වෙන්චර් කන්ට්‍රි දකුණුදිග ප්‍රදේශය, ලොස් ඇන්ජලීස් ඊසානදිග ප්‍රදේශය හරහා තවත් ප්‍රබල ලැව්ගිනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්, එය වැළැක්වීම සඳහා මේ වනවිට ගිනි නිවන භටයන් සූදානම් වන බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.