ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට බලය අහිමි වෙමින් එරට විපක්ෂය කරළියට පැමිණෙමින් තිබුණද, බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පලස්තීනුවන් පවසා සිටියේ නෙතන්යාහු වෙනුවට වත්මන් ජාතිකවාදී නායකයාද එම දක්ෂිනාංශික න්‍යාය පත්‍රයම අනුගමනය කරනු ඇති බවයි.
ඒ අනුව ඊශ්‍රායලයේ ප්‍රධාන බටහිර ඉවුරේ ජනයා පදිංචිකරවීමේ සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන නෆ්තාලි බෙනට් රටේ නව නායකයා බවට පත්වීමට සූදානම් වන අතර, ඔහු මෑතකදී සිදුවූ ගැටුම සම්බන්ධයෙන්ද පලස්තීනුවන් මතම බොහෝ දෝෂාරෝපණය කළේය.
"සත්‍යය පැවසිය යුතුයි ඊශ්‍රායලය හා පලස්තීනුවන් අතර ජාතික අරගලය භූමිය ඉක්මවා නැහැ. පලස්තීනුවන් මෙහි අපගේ පැවැත්ම හඳුනාගෙන නැහැ. යම් කාලයක් තිස්සේ මෙය එසේ වනු ඇති බව පෙනෙනවා" බෙනට් රූපවාහිනී වැඩසටහනක පවසා තිබුණි.