දිල්ලිය පුරා මැර ප්‍රහාර පිළිබඳ කටකතාවක් හේතුවෙන් ඉන්දියානු අගනගරයේ නොසන්සුන්කාරී රාත්‍රියක් ඊෆය් වාර්තා වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
වට්ස්ඇප් සමාජජාලය හරහා ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වී ඇති බවටත්, නිවාස ගිනි තැබීම් සිදුවන බවටත් හුවමාරු වූ පණිවුඩ මෙම නොසන්සුන්තාවට හේතු වී ඇත.
කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සහ ප්‍රාදේශීය දේශපාලඥයන් වීදිවලට බැස එය සත්‍යයක් නොවන බවට ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.
දිල්ලියේ පසුගිය දින තුනක ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර, තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.
ඉන්දියාවේ මතභේදාත්මක පුරවැසි පනතට සහාය දක්වන ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් අතර ඇතිවූ ගැටුම අවසානයේ ජාතිවාදී කෝලාහලයක් දක්වා දුරදිග ගොස් තිබුණි.