ඩොලර් බිලියන 3.7ක් වටිනා ගනුදෙනුවක කොටසක් ලෙස ජපාන ප්‍රකෝටිපතියෙකු වන යුසාකු මේසාවා, අන්තර්ජාල විලාසිතා සමාගමක් වන සොසෝ හි සිය කොටස් බහුතරයක් යාහූ ජපාන සමාගමට විකිණීමට එකඟ වී තිබේ.
අතිවිශිෂ්ට කලා එකතුව සතු පුද්ගලයෙකු මෙන්ම, අභ්‍යවකාශ සංචාරක අභිලාෂයන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නෙකු ලෙස සැලකෙන මේසාවා මේ සමග එහි ප්‍රධාන විධායක ධුරයෙන්ද ඉවත් වනු ඇත.
සොසෝ යනු ජපානයේ විශාලතම අන්තර්ජාල විලාසිතා සිල්ලර වෙළෙන්ඳෙකු වන නමුත් මෑතකදී එහි ලාභ පහත වැටීම යම් මූල්‍ය අර්බුදයක ඔවුන් පසුවෙයි.
පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට අනන්‍ය වූ නිම් ඇඳුම් සඳහා සමාගම අසාර්ථක උත්සාහයක් ගත් අතර පසුව එහි යුරෝපීය සහ එක්සත් ජනපද මෙහෙයුම් වසා දැමීය.
සොෆ්ට්බෑන්ක් හි තාක්ෂණ හා ආයෝජන අනුබද්ධ සමාගමක් වන යාහූ ජපාන සමාගම සෝසෝ හි 50.1%ක කොටස් සඳහා යෙන් බිලියන 400ක් ගෙවීමට ඉදිරිපත්ව තිබේ.
මෙම පියවර මගින් යාහූ ජපාන සමාගමට ප්‍රතිවාදීන් වන ඇමසන් සහ රකුටෙන් සමඟ වඩා හොඳින් තරඟ කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.