මෙක්සිකෝවේ, නිරිතදිග වෙරළ කලාපයෙන් අතිශය ප්‍රබල සුළි කුණාටුවක් ගොඩබිව වෙත ඇතුළු වෙමින් පවතින බවට අනතුරු ඇඟවෙයි.
විල්ලා ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව අද (23දා) එරටට ඇතුළු වීමේ හැකියාවක් පවත්න බව ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි.
ආරම්භයේදී පස්වැනි මට්ටමේ අතිශය බිහිසුණු සුළි කුණාටුවක් ලෙස පැවති මෙය, මේ වනවිට සිව්වැනි මට්ටමේ සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවත්, එහි ප්‍රබලත්වය මෙතෙක් අඩුව නොමැති බවත් සඳහන් වෙයි.
මෙම මස මුලදී ඇමෙරිකාවට ඇතුළු වූ මයිකල් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගල ජීවිත 27ක් අහිමි වූ අතර, නිවාස හා දේපොළ වෙත දැවැන්ත හානියක් සිදුකරන්නට විය.
මෙම විල්ලා සුළි කුණාටුව හේතුවෙන් මිලිමීටර් 460 ඉක්මවන වර්ෂාපතනයක් ඇතැම් ප්‍රදේශ වෙත බලාපොරොත්තු වනඅ තර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 250ක් පමණ වනු ඇති බවද කියැවෙයි.