එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ජයග්රහණය තවදුරටත් උණුසුම් කරමින් පෙන්සිල්වේනියා හි මෙතෙක් ඉදිරියෙන් සිටි ට්රම්ප් අභිභවමින් බයිඩන් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව ට්රම්ප් වඩාත් උනන්දුවෙන් බලා සිටි ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා යන ප්රාන්ත දෙකෙන්ම ඔහු පසුබසිමින් සිටින අතර, ජයග්රහණය වෙත තවත් ළඟවෙමින් බයිඩන් ඉදිරියට පැමිණෙමින් සිටියි.
පෙන්සිල්වේනියා හි ඡන්ද සමූහ (electoral college) 20ක් පවතින බැවින් මෙම ප්රාන්ත ජෝ බයිඩන් වෙත නතුවීමෙන් ඔහු නිතැතින්ම ඇමෙරිකානු ජනාධිපති පුටුවේ හිඳ ගැනීම සිදුවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.