උතුරු සහ දකුණු කොරියාව විසින් පැන්මුන්ජොම් දේශසීමා නගරයේදී දෙරට විසින්ම ස්ථානගත කර ඇති ගිනි අවි සහ නිරීක්ෂණ කුලුණු ඉවත් කිරීමට එකඟත්වයකට පැමිණ තිබේ.
ඒකාබද්ධ ආරක්ෂක කලාපය හෙවත් JSA ලෙස හැඳින්වෙන මෙම පැන්මුන්ජොම් නගරය මෙම දෙරට බෙදීවෙන් වෙන දේශසීමාවේ දෙරටේ හමුදා මුහුණට මුහුණ රැඳී සිටින එකම ස්ථානයයි.
දෙරට අතර පවතින විරසකය තවදුරටත් සංසිඳුවීමේ අරමුණින් මෙම තීරණයට උතුරු කොරියාව හා දකුණු කොරියාව පැමිණ තිබේ.
එමෙන්ම, මෙම මස මුලදී දෙරටේම හමුදාව විසින් දේශසීමා ඔස්සේ වළලා තිබූ ලක්ෂ 8කට අධික බිම් බෝම්බ ඉවත් කිරීම ආරම්භ කරන ලදී.