පෞද්ගලික අරමුදල් මත ප්‍රථම වරට දියත් කළ සඳ තරණය කිරීමේ අභ්‍යවකාශ යානය සඳෙහි මතුපිටදී විනාශයට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊශ්‍රායල් සමාගමක් විසින් දියත් කළ මෙම යානය බෙරේෂීට් ලෙස නම් කර තිබුණු අතර, එය සඳ මතුපිට ගොඩබෑමට උත්සාහ කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයකදී මෙම විනාශය සිදුව ඇත.
සඳ මතුපිට ඡායාරූප ලබාගැනීම සඳහා තවත් පර්යේෂණ සිදුකිරීම අරමුණු කරගනිමින් මෙම යානය සඳ වෙත යවා තිබුණි.
එමෙන්ම, සඳ මත අභ්‍යවකාශ යානයක් ගොඩබස්වන සිව්වැනි රට බවටද මෙම මෙහෙයුම සාර්ථක වූයේ නම් ඊශ්‍රායලයට හැකියාවක් පැවතිණි.
මෙතෙක් සාර්ථක සඳ මෙහෙයුමක් සිදුකර ඇත්තේ රාජ්‍යයන්ට අයත් සමාගම් පමණි. ඒ අනුව, සෝවියට දේශය, ඇමෙරිකාව සහ චීනය මෙම මෙහෙයුම් සාර්ථකව දියත් කර ඇත.