පෘතුගාලයේ මැඩේරියා දූපතේදී ජර්මානු සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කැනිකෝ නගරය ආසන්නයේදී සිදුව ඇති මෙම හදිසි අනතුරින් තවත් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වෙයි.
එරට වේලාවෙන් ඊයේ (17දා) සවස 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ඉදිරියෙන් හමුවූ මංසන්ධියකදී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙනි.
මෙසේ පෙරළී ගිය බස් රථය අසල වූ නිවාස කිහිපයක් ආසන්නයටම පෙරළී ඇති බවද සඳහන් වෙයි.
මියගිය හා තුවාල ලැබූ බහුතරය ජර්මානු ජාතිකයන් වුවත්, පෘතුගාල වැසියන් කිහිප දෙනෙකුද රථය තුළ සිටින්නට ඇති බව විශ්වාස කෙරෙයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් 55 දෙනෙකු සමග රියදුරු හා සංචාරක මාර්ගෝපදේශක ගමන් කර ඇති බව සඳහන් වෙයි.