කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පෘතුගාලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් බලාත්මක වී දින 15ක් පවතිනු ඇත.
පෘතුගාල ජනාධිපතිවරයා බදාදා මෙම තීරණය ප්‍රකාශයට පත්කළ අතර, එම තීරණය මගින් අයිතිවාසිකම් සීමා කිරීමට, අරමුදල් වෙත ප්‍රවේශ වීමට සහ අවම මහජන සේවාවන් සැකසීමට රජයට වැඩි බලයක් ලබා දෙයි.
කෙසේ වෙතත් ප්රජාතන්ත්රවාදය අත්හිටුවීමක් මෙහිදී සිදු නොවනු ඇති බව පෘතුගාල අගමැති ඇන්ටෝනියෝ කොස්ටා ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා පවසා සිටියේ කොවිඩ්-19 වසංගතය සැබෑ යුද්ධයකට මුහුණදීමක් බවයි. එය රටේ සාමාන්‍ය ජීවන රටාවට හා ආර්ථිකයට සැබෑ අභියෝග ගෙන එනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.