පෘතුගාලයේ කොරෝනා වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව පැය 24ක කාලයකදී 12ක් දක්වා දෙගුණ වූ බව එරට සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා අද (21දා) නිවේදනය කරයි.
එමෙන්ම තවත් තහවුරු වූ රෝගීන් 260ක් වාර්තා වී ඇති අතර, එම සමස්ත සංඛ්‍යාව 1,280ක් බව ඔහු පවසයි.
මේ අතර දින 15ක් සඳහා පෘතුගාලය කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
මෙම තීරණය මගින් අයිතිවාසිකම් සීමා කිරීමට, අරමුදල් වෙත ප්‍රවේශ වීමට සහ අවම මහජන සේවාවන් සැකසීමට රජයට වැඩි බලයක් ලබාදී ඇත.
කෙසේ වෙතත් අගමැති ඇන්ටෝනියෝ කොස්ටා පැවසුවේ ප්රජාතන්ත්රවාදය වෙත බලපෑමක් මේ තුළ සිදු නොවන බවයි.