යුක්රේනයේ තේරීපත් වූ ජනපති වොලොඩිමයිර් සෙලෙන්ස්කි රුසියාව විසින් යෝජනා කර ඇති රුසියානු ගුවන්ගමන් බලපත්ර පිරිනැමීම ප්රතික්ෂේප කර තිබේ.
නැගෙනහිර යුක්රේනයේ බෙදුම්වාදීන් වෙනුවෙන් මෙසේ ගමන් බලපත්ර නිකුත් කිරීමට පසුගියදා රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් යෝජනා කළේය.
කෙසේ වෙතත්, ෆේස්බුක් පෝස්ටුවක් නිකුත් කරමින් යුක්රේන ජනපතිවරයා කියා තිබුණේ රුසියාව තුළ විඳවන ජනතාවට ගුවන්ගමන් බලපත්ර නිකුත් කිරීමට තමා සූදානම් බවයි.
හිටපු හාස්යෝත්පාදකයෙකු ලෙස ප්රකට වත්මන් යුක්රේන ජනපතිවරයා පවසා තිබුණේ, යුක්රේන ජනතාව නිදහස් රටක නිදහස් මිනිසුන් බවයි.