දින 60ක් තුළ ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් අවසන් කර රටින් පිට වන ලෙස පාකිස්තාන රජය එරට සිටින සියලු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට දන්වා තිබේ.
පාකිස්තානයේ ක්‍රියාත්මක වන ඇක්ෂන්ඒඩ් රාජ්‍ය නොවන සංවිධානය පවසා සිටියේ ඔවුන්ද ඇතුළුව රාජ්‍ය නොවන සංවිධාන 18ක් මෙලෙස රටින් ඉවත් කිරීමට පාකිස්තාන රජය නියෝග කර ඇති බවයි.
2011 වසරේදී පාකිස්තානය තුළ ඔසාමා බින් ලාඩ්න් සොයා සී.අයි.ඒ. රහස් ඔත්තු සේවය සිදුකළ ව්‍යාජ එන්නත් කිරීමේ වැඩසටහන ආදී වශයෙන් එරට තුළ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල විනිවිදභාවය සම්බන්ධයෙන් පාකිස්ථානය දැඩි අවධානයක් යොමුකර තිබේ.
පාකිස්ථානය තුළ මාධ්‍ය නිදහස හා භාෂණයේ නිදහස සම්බන්ධයෙන් වැඩි කතාබහක් සිදුවන කාල වකවානුවක මෙම පියවරද එරට රජය විසින් ගෙන තිබේ.
ඒ අනුව, එරට තුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට එලැඹෙන දෙසැම්බර් මාසය වනවිට රටින් පිටවීමට සිදුවනු ඇති බව කියැවෙයි.
මේ අතර, ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ බටහිර රටවලින් පාකිස්තානය වෙත එල්ල කෙරෙනු ඇති පීඩනය සමග මෙම සංවිධාන රටින් පිටත් කිරීමට පාකිස්තානයට නොහැකි වනු ඇති බවයි.