පාකිස්තානයේ බලුකිස්ථාන පළාතේ තරු පහේ හෝටලයක් වෙත තුවක්කුකරුවන් තිදෙනෙකු කඩා වැදී ප්‍රහාරයක් එල්ල කර තිබේ.
වරාය නගරයක් වන ග්වාදර් හි සවාර් පර්ල්-කොන්ටිනෙන්ටල් හෝටලය ඉලක්ක කළ මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙය ඩොලර් මිලියන ගණනක චීන ව්‍යාපෘති ක්‍රියාත්මක ප්‍රබල මූලෝපාය නගරයක් බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, රාමලාන් සමය හේතුවෙන් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හෝලටයේ සංචාරකයන් කිසිවෙකු නොසිටි බවත්, හෝටල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු පමණක් එහි සිට ඇති බවත් හෝටල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
බලුකිස්තානයේ ක්‍රියාත්මක බෙදුම්වාදී සටන්කාමීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, මෙය චීන ජාතිකයන් සහ එහි සිදුවන ව්‍යාපෘති ඉලක්ක කළ බව ඔවුන් සඳහන් කර තිබේ.
එමෙන්ම, ඉදිරියේදී චීනයේ සහ පාකිස්තානයේ තවත් ප්‍රහාරය බලාපොරොත්තු විය යුතු බවද ඔවුන් සඳහන් කර ඇත.