දකුණුදිග පාකිස්තානයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් අවම වශයෙන් මගීන් 25දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය සහ ගලවා ගැනීමේ නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
මිල්ලට් එක්ස්ප්‍රස් අධිවේගී දුම්රිය පීලි පැනීමත් සමග, ශ්‍රීමත් සයීඩ් එක්ස්ප්‍රස් දුම්රිය එම දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි.
ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බවත්, මියගිය සංඛ්‍යාව සහ තුවාල ලැබූවන් වැඩිවිය හැකි බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.