ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන නිසාන් සමාගමේ සභාපති කාර්ලෝස් ගෝස්න් සිදුකළේ යැයි කියන මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන් ඔහු සිය ධුරයෙන් ඉවත්කිරීම සඳහා එම සමාගම යෝජනා කර තිබේ.
මේ සම්බන්ධයෙන් මාස කිහිපයක සිට අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකෙරෙන බව පවසන එම සමාගම සඳහන් කරන්නේ සභාපතිවරයා තමාට ලැබෙන මුදල් අවභාවිත කර ඇති බවයි.
එමෙන්ම, සමාගමේ වත්මක් ඔහු සිය පෞද්ගලකි පරිහරණය සඳහා යොදාග්තතේ යැයි පැවෙසන චෝදනාවන්ද සභාපතිවරයාට එල්ල වී තිබේ.
"අපේ කොටසක්කරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් සමාව අයැද සිටිනවා. ඒ වගේම, අප සතු තොරතුරු ජපාන නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදීමටද අප කටයුතු කරනවා" යැයි නිසාන් සමාගම පවසා තිබුණි.