පුරෝගාමී අප්‍රිකානු-ඇමරිකානු නාසා ගණිතඥයෙකු වූ කැතරින් ජොන්සන් වයස අවුරුදු 101 දී සිය දිවි ගමනට සමුදී තිබේ.
නාසා ඇගේ මරණය සිය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේ, "වාර්ගික හා සමාජීය බාධක බිඳ දැමූ විශිෂ්ටත්වයේ උරුමයට" ගෞරව කරන බව පවසමිනි.
නාසාහි මුල් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ජොන්සන් රොකට් ගමන් පථ සහ පෘථිවි කක්ෂ ගණනය කිරීමට කටයුතු කළ ගණිතඥයෙකි.
2016 ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටයක් වූ Hidden Figures හි නිරූපණය වූයේ ඇගේ කතාවයි.
1962 දී එක්සත් ජනපද ගගනගාමී ජෝන් ග්ලෙන් පෘථිවිය වටා කක්ෂගත කිරීමට අප්‍රිකානු-ඇමරිකානු කාන්තාවන්ගේ ගණිත කුසලතා උපකාරී වූ අයුරු මෙම චිත්රපටයෙහි දිගහැරිණි.
ඔහුගේ අභ්‍යවකාශ ගමනට පෙර නව ඉලෙක්ට්‍රොනික පරිගණක විසින් සිදුකරන ලද ගණනය කිරීම් සනාථ කරනු ලැබුවේද ජොන්සන් විසිනි.
ජොන්සන් මීට පෙර අභ්‍යවකාශයට ගිය ප්‍රථම ඇමෙරිකානුවා වූ ඇලන් ෂෙපර්ඩ්ගේ අභ්‍යවකාශ පියාසැරිය සඳහා ගමන් පථය ගණනය කර තිබුණි. එමෙන්ම මිනිසුන් සඳට යැවීමේදීද ඇය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළාය.