දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භය සනිටුහන් කරමින් පැවැත්වෙන සැමරුමට පෝලන්තය වෙත ලෝක නායකයන් එක්ව තිබේ.
මෙවර සැමරුමේදී ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් විසින්, නාසි ආක්රමණය සම්බන්ධයෙන් පෝලන්තයෙන් සමාව ඉල්ලා සිටීම විශේෂ සිදුවීමක් විය.
පෝලන්තයේ වෙයිලුන් නගරයේදී අද (01දා) උදෑසන සැමරුම් උත්සවය පැවැත්වූයේ පළමු ජර්මානු බෝම්බ හෙලීම සිහිපත් කරමිනි.
මෙවැනි විනාශකාරී ආක්රමණයකට මුලපිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බව එහිදී එහිදී ජර්මානු ජනාධිපතිවරයා කියා සිටියේය.
"ජර්මනියේ නාසි කෘරත්වය හමුවේ ගොදුරු බවට පත් පෝලන්ත ජනතාව වෙනුවෙන් මා හිස නමා ආචාරය පුදකරනවා. ඒ වගේම, මේ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා" යැයි ජර්මානු සහ පෝලන්ත භාෂාවෙන් සභාව අමතමින් ඔහු කියා සිටියේය.