ශ්රීමත් එල්ටන් ජොන් නවසීලන්තයේ පැවති සජීව ප්රසංගයක් අතරතුර තමාට තවදුරටත් ගීත ගැයීමට නොහැකි යැයි පවසා ප්රසංගය අවසන් කර ඇති පුවතක් වාර්තා වෙයි.
72 හැවිරිදි සංගීතඥයා ඉරිදා ඕක්ලන්ඩ් හි මවුන්ට් ස්මාට් ක්රීඩාංගණයේදී පැවති ප්රසංගය අතරතුර සිය කටහඬ නිකුත් නොවීමේ අසනීපයකට මුහුණ දුන්නේය.
"මගේ කටහඬ සම්පූර්ණයෙන්ම නැති වෙලා. මට ගායනයක් කරන්න බැහැ" ශ්රීමත් එල්ටන් පවසා සිටියේය. "මට යන්න වෙනවා. මට සමාවෙන්න."
ඔහු තමා වාදනය කළ පියානෝව මත හේත්තු වී හිස ගසාගෙන මොහොතක් රැඳී නැවත යනවිට ඔහු කඳුළු සලමින් සිටි බව විදෙස් වාර්තා පවසයි.
සහායකයන් කිහිප දෙනෙකුගේ උදව්වෙන් වේදිකාවෙන් බැහැරව ඇවිද යන විට ප්රේක්ෂකයන් ඔහු වෙනුවෙන් ජයඝෝෂා නගා තිබුණි.
මෙම ප්රසංගය ශ්රීමත් එල්ටන්ගේ සමුගැනීමේ ප්රසංග මාලාවේදී නවසීලන්තය තුළ පැවැත්වෙන ප්රදර්ශන ගණනාව අතරන් එකකි.