නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ ගුරුවරුන් යළිත් වරක් රජයට එරෙහිව වැඩ වර්ජනයක නිරත වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔවුන් මෙලෙස වැඩවර්ජනයක නිරතව ඇත්තේ තමන්ගේ වැටුප් සහ සේවා තත්ත්වයන් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයට මාස තුනක් පුරා පිළියම් ලබා නොදීම නිසාය.
ඒ අනුව, සතියක කාලයක් පුරා දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව ගුරුවරුන් පවසා සිටියි. මෙහිදී ගරුවරුන් 30,000කට අධික පිරිසක් ඊට සම්බන්ධ වෙනු ඇතැයි සඳහන් වෙයි.
මේ සමගින්ම සිය දහස් ගණනක පාසල් සිසුන් පිරිසකට එම කාලය තුළ අධ්‍යාපනය අහිමිවීමේ අවස්ථාවක්ද පැන නැගී ඇත.
නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩෙර්න් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ රජය මේ ගුරුවරුන් පවසන දේ සම්බන්ධයෙන් අවධානය යොමු කළත්, ඔවුන් මතු කරන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් පවසා ඇත.