කොවිඩ්-19 වසංගතය සහ එහි ආර්ථික බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) නායකයන්ගේ අතිරේක රැස්වීමක් කැඳවමින් එහි මුලසුන හොබවන බව අද (12දා) නිවේදනය කළාය.
"APEC ඉතිහාසයේ නායකයන්ගේ මට්ටමින් අතිරේක රැස්වීමක් පවත්මන පළමු වැනි අවස්ථාව මෙය වන අතර එය කොවිඩ්-19 වසංගත හා ආර්ථික අර්බුදයේදී එක්ව ගමන් කිරීමේ අපගේ අභිලාෂය පිළිබිඹු කරවරනවා" යැයි ආර්ඩේන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.
ලෝකයේ කොවිඩ්-19 වසංගතය වඩාත් සාර්ථකව පාලනය කළ රටක් ලෙස නවසීලන්තය සැලකෙන අතර, එරට අගමැතිනියගේ මූලිකත්වයෙන් සහ ජනතා සහභාගීත්වයෙන් රට තුළ ආසාදන ඉහළ යෑම පාලනය කරමින් මරණ සීමිත සංඛ්‍යාවකට සීමා කළහ.