2021 වසරේ සැප්තැම්බර් මාසය වනවිට බටහිර පැසිෆික් සාගරයේ ඇතිවන බවට පුරෝකථනය කර ඇති නිවර්තන සුළි සුළං 20න් අඩක් නැගෙනහිර ආසියානු රටවලට කඩා වදිනු ඇති බවට අනතුරු ඇඟවීමක් සමග අනාවැකි පළවී තිබේ.
සුළි කුණාටු මෙන්ම සුළි සුළං ලෙසද හැඳින්වෙන නිවර්තන සුළි කුණාටු මගින් පැයට කි.මී. 63 (පැයට සැතපුම් 39) සිට පැයට කි.මී. (පැයට සැතපුම් 155) දක්වා සුළං වේගයක් බලාපොරොත්තු විය හැකි බවත්, ඒ සමග වර්ෂාව හා කුණාටු හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශ විනාශ විය හැකි බව පුරෝකථනය කෙරෙයි.
පසුගිය දශකය තුළ මෙවැනි කුණාටු ආසියාව පුරා ඩොලර් බිලියන 175කට අධික අලාභහානි සිදුකර ඇති බව ජාත්‍යන්තර ආපදා දත්ත සමුදාය පෙන්වා දෙයි.
නැගෙනහිර චීනය සහ තායිවානය, දකුණු චීනය සහ වියට්නාමය සහ පිලිපීනය යන රටවල කුණාටු පහ බැගින් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති බව හොංකොං සිටි විශ්ව විද්‍යාලයේ කාලගුණ අනාවැකිකරුවන් පවසන අතර ජපානය හා කොරියාවටද ඉන් දෙකක් පමණ අත්විඳීමට සිදුවනු ඇති බව කියා තිබේ.