කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් හමුවූ ඩයමන්ඩ් ප්රින්සස් නෞකාවේ නිරෝධායන ක්රියාවලියෙන් පසු එහි ඇමෙරිකානුවන් රැගෙන යාමට පැමිණි එක්සත් ජනපද ගුවන් යානා දෙකක් ජපානයෙන් පිටත්ව ගොස් තිබේ.
එක්සත් ජනපද රජයේ විශේෂ යානා සඳුදා පාන්දර ටෝකියෝ හි හනෙඩා ගුවන්තොටුපළෙන් පිටත්ව ගිය බව කියෝඩෝ ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
මෙම නෞකාවේ ඇමරිකානුවන් 400ක් පමණ සිටි අතර, චීනයට බලපෑ නව කොරෝනා වෛරසයේ ආසාදිතයන් ඉන් හමුවීම හේතුවෙන් පෙබරවාරි 3 වැනිදා සිට මෙම නෞකාව රඳවාගෙන ඇත.
අවම වශයෙන් එක්සත් ජනපද පුරවැසියන් 40 දෙනෙකුට පමණ එහිදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ට ජපානයේදී ප්රතිකාර ලබාදෙන්නට විය.
ජපානයේ යොකොහාමා වරායේදී ඩයමන්ඩ් ප්රින්සස් නෞකාවේ නිරෝධායනය කිරීමේ ක්රියාවලියට මගීන් 3,700ක් පමණ සහ කාර්ය මණ්ඩලය අයත්ව තිබුණි.
හොංකොං නුවරින් පිටත්ව ගිය පුද්ගලයෙකුට වෛරසය ඇති බව සොයා ගැනීමෙන් පසුව නෞකාව මෙසේ රඳවා ගැනීමට තීරණය විය.
චීනයෙන් පිටත හමුවූ විශාලතම කොරොන වෛරස රෝගීන් සමූහය මෙම නෞකාවෙන් හමුවූ අතර, ජපාන බලධාරීන් ඉරිදා කියා සිටියේ නෞකාවේ සිටි වෛරස් ආසාදිතයන් 70 සිට 355ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.