තමා සහ තම මිතුරන් වෙනුවෙන් නර්තනයේ නොයෙදුනා යැයි පවසමින් ස්වාමියා විසින් බිරිඳගේ හිස මඩුකර ඇයට පහරදීමේ සිද්ධියක් පාකිස්තානය තුළ කාන්තා හිංසනය ගැන යළිත් කතාබහක් ඇති කර තිබේ.
අස්මා අසීස් නමැති මෙම කාන්තාව අදාළ සිදුවීම ප්‍රසිද්ධ කිරීමත් සමග පාකිස්තාන කාන්තාවගේ ආරක්ෂාව පිළිබඳ මෙම කතාබහ ගොඩනැගෙමින් පවතින අතර, ඇය සමාජජාල තුළින් තමාට විඳින්නට සිදුවූ අකරතැබ්බය සහිත වීඩියෝවක් නිකුත් කර ඇත.
ඇගේ ස්වාමි පුරුෂයා වන මියාන් ෆයිසාල් සහ ඔහුගේ සේවකයෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, තමන් බිරිඳට කිසිදු ආකාරයේ අඩන්තේට්ටමක් සිදුනොකළ බව ස්වාමියා පුන පුනා පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙය තවදුරටත් විභාගයට ගැනීමට පාකිස්තාන පොලීසිය කටයුතු කරමින් සිටින අතර, ඇම්නෙස්ටි ජාත්‍යන්තරයද මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමුකර තිබේ.