එක්සත් ජනපදයේ, ඔහියෝ ප්‍රාන්තයේ මැදි විදුහලක් ආශ්‍රිතව විකිරණශීලී රසායනික පවතින බව තහවුරු වීමත් සමග එම පාසල වසා දැමීමට කටයුතු කර තිබේ.
බලධාරීන් සඳහන් කළේ එම පාසල ආසන්නයේ වායු දූෂණ මානයකට යුරේනියම් සහ නෙප්ටියුනියම්-237 රසායනිකයන් පිළිබඳ ඉඟි ලැබීමත් සමග සහන්ස් කෝනර් මැදි විදුහල මෙසේ වසා දැමීමට තීරණය කළ බවයි.
මෙම පාසලේ දරුවන් 300ක් පමණ ඉගෙනුම ලබන අතර, කාර්ය මණ්ඩලයේ 25ක් පමණ සේවය කරන බව පැවසෙයි.
මෙම පාසල ආසන්නයේ වූ න්‍යෂ්ටික බලාගායක් 2001 වසරේදී එය වසා දැමීමට පෙර යුරේනියම් නිෂ්පාදනයේ නිරතව සිටියේය.
වර්ෂ 1954 සිට 2001 දක්වා කාලය තුළ එක්සත් ජනපදයේ න්‍යෂ්ටික අවි වැඩසටහන වෙනුවෙන් එරට බලශක්ති දෙපාර්තමේන්තුව මගින් මෙම න්‍යෂ්ටික අමුද්‍රව්‍ය නිෂ්පාදනය සිදුකරනු ලැබීය.