කෙන්යාවේ නයිරෝබි නුවර හෝටල් සංකීර්ණයකට එල්ල වූ අල්-ෂබාබ් ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙස්ට්ලෑන්ඩ් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම ප්‍රහාරයට ත්රස්තයන් කිහිප දෙනෙකු සම්බන්ධව සිටි අතර, සම්පූර්ණයෙන් ප්‍රහාරය මැඬපැවැත්වීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට ආරක්ෂක අංශවලට සිදුවිය.
මෙම අවස්ථාවේදී කෙන්යානු විශේෂ බලකායට පුහුණුව ලබාදීමට පැමිණ සිටි බ්‍රිතාන්‍යයේ විශේෂ බලකා සෙබලු කිහිප දෙනෙකුද මෙම ප්‍රහාරය මැඬපැවැත්වීමට සම්බන්ධව සිටි ආකාරය දැකිය හැකි විය.
DusitD2 හෝටලය මෙන්ම, කාර්යාල පරිශ්‍රයක්ද මෙම හෝටල් සංකීර්ණය තුළ විය.
මෙම ප්‍රහාරය සම්පූර්ණයෙන් ව්‍යර්ථ කිරීමෙන් පසු රූපවාහිනිය තුළින් ජනතාව ඇමතූ ජනපති කෙන්යාටා පවසා සිටියේ පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූවද, එහි සිටි 700කට ආසන්න පිරිසක් නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි වූ බවයි.