නේපාලය ගෙවීගිය පැය 24ක කාලය තුළ අවම වශයෙන් නව කොවිඩ්-19 මරණ 246ක් වාර්තා කර ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම අගය බව කියයි.
ඒ අනුව රටේ සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 5,657ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අවම වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 8,173ක් ගෙවුණු දිනයේ වාර්තා වූ අතර, ඒ සමග රට පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 480,412ක් බවට පත්ව ඇත.
මාරාන්තික දෙවැනි කොරෝනා රැල්ලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මහජන කෝපය නිසා මීට සතියකට පෙර අගමැති කේ. පී. ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමට සිදුවීමත් සමග දැන් රට දේශපාලන අර්බුදයකටද ඇද දමා තිබේ.
මීට මාසයකට පෙර, මිලියන 31ක ජනගහනයක් සහිත හිමාලයානු ජාතිය දිනකට ආසාදිතයන් 100ක් පමණ වාර්තා කළ නමුත් දැන් සිද්ධීන් අහස උසට නැඟෙමින් පවතින අතර, රෝහල් ආසාදිතයන්ගෙන් පිරී යමින් තිබේ.