එන්නත් අපනයනය සඳහා ඉන්දියාව විසින් පනවා ඇති බාධාව නිසා නේපාලයේ මිලියන 1.5ක ජනතාවකට ඔවුන්ගේ දෙවැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාගැනීමට නොහැකි වී තිබේ.
නේපාලයේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමීර් අධිකාරි පැවසුවේ මින් මිලියන 1.3ක් වයෝවෘද්ධ අය බවයි.
නේපාලය විසින් එන්නත් කිරීමේ මෙහෙයුම ජනවාරියේදී ආරම්භ කරන ලද්දේ ඉන්දියාව විසින් සපයන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වල මිලියනයක් සමගිනි.
පසුව නේපාලය විසින් ඉන්දියාවේ සේරම් ආයතනයෙන් (SII) ඇස්ට්‍රාසෙනෙකා එනනත්වලින් තවත් මාත්‍රාවන් මිලියන 2ක් අණවුම් කළත් මෙතෙක් ලැබී ඇත්තේ මිලියනයක් පමණි. ඒවා වයස අවුරුදු 65ට වැඩි අයට පළමු මාත්‍රාව ලෙස ලබා දෙන ලදී.
සේරම් ආයතනය අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වසර අවසන් වනවිට COVAX සහ වෙනත් රටවලට බෙදාහැරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.